FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළෙඳපොළ තුළ මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකම ඩොලර් ගැටලුව හේතුවෙන් වෙළෙඳපොළට තිරිඟු පිටි නිකුත් කිරීම සිදු කරන්නේ ලංකාවේ මුළු පිටි අවශ්‍යතාවයෙන් 25% ක් පමණක් බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය මත ඉදිරියට ගියහොත් පෝලිමක සිට හෝ පාන් ගෙඩියක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවන බවත් පාන් ගෙඩියක මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.