FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හදිසියේ අක්‍රීය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි කියා සිටියේ ඒ අනුව මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් ඊයේ පස්වරුවේ සිට ජාතික පද්ධතියට මෙලෙස එක්කළ බවයි.

පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වීම සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් හේතුවෙන් නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3 ක කාලයක් විදුලි කප්පාදුවක් කෙරුණා.