FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේ අවශ්‍යම පියවරක් බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සමනයවීමෙන් පසු ක්‍රමාණුකූලව එම සීමා ඉවත්කරන බවය.

“මේ වෙලාවේ අපි රටක් ලෙස තීරණය කරන්න ඕනේ.. ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය පාවිච්චි කරන්නේ මොනාටද කියලා. තෙල්, බෙහෙත්, ගෑස්, ගේනවාද? එහෙම නැත්තම් දුරකථන, මෝටර් රථ, ටෙලිවිෂන් එකක් ගන්නවාද? කියලා. ඒ මුදල් අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් පාවිච්චි කරාම ජනතාවට විශාල පහසුවක් ඒ තුළින් සැපයෙනවා මේ වගේ අවස්ථාවක. ඒ නිසා තමයි අත්‍යවශ්‍ය නොවන දේවල් තහනම් කළේ. මේවා තාවකාලිකව කරන දේවල්. යම් ව්‍යාපාරවලට බලපෑම් සිදුවෙන බව නොදැන නෙමෙයි මේක කළේ. නමුත් මේ වෙලාවේ වැදගත් තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම විදිහට භාවිත කිරීමයි. මේ තත්ත්වය සමනය වුණාට පස්සේ ක්‍රමාණුකූලව සීමා ඉවත් කරන්න පුළුවන්.”