FAST NEWS

24×7 Around the Globe

අද විදුලිය කපන හැටි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද සහ හෙට (27, 28) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇත.

CC යන කලාපවලට විදුලි සැපයුම විසන්ධි කෙරෙන්නේ උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2.30ක කාලයක්ය.

M,N,O,X,Y,Z යන කලාපවලට උදෑසන 5.30 සිට 8.30 අතර පැය 3ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.