(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශගත වන ශ්‍රමිකයින්ගේ පහසුව සඳහා ගුවන් තොටුපොළේ විශේෂ කවුලුවක් විවෘත කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හරහා බාධාවකින් තොරව කඩිනමින් සිය කටයුතු සිදු කර ගැනීමට විදේශ ගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙමගින් හැකියාව ලැබෙනු ඇති.
පහසුකම් වැඩි දියුණු කළ ලංකා රෙමිට් යෙදවුම අද (26) විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ට හඳුන්වා දෙන බව විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසනවා.
අවිධිමත් මාර්ග ඔස්සේ මෙරටට විදේශ මුදල් එවීම අවම කිරීම සඳහා මෙම යෙදවුම භාවිතයෙන් හැකියාව ලැබෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ගාමිණි සෙනෙරත් යාපා මහතා පවසනවා.








