FAST NEWS

24×7 Around the Globe

අද රන්ජා එළියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට නිදහස ලබාදෙන ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26 වැනිදා) අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට ලබාදෙන මෙම සමාව, දඬුවම අහෝසි කිරීමක් පමණක්ද සියලු සිවිල් අයිතිවාසිකම් සහිත පූර්ණ සමාවක්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට බව පෙන්වාදුන් ඇමැතිවරයා, රන්ජන් රාමනායකට සමාව ලබාදීම සුදුසු බව තමා ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.