(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මැයි 09 වැනි දා දිවයිනේ ප්රදේශ කිහිපයකදී බස් රථවලට ගිනි තැබීම සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යුරෝපා සංගමයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන්නැයි ලිඛිතව දැනුම් දුන් බවයි.








