FAST NEWS

24×7 Around the Globe

ඉලෙක්ට්‍රික් යතුරුපැදි සහ පාපැදි ආනයනය කිරීම සදහා අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ නිකුත් කල ගැසට් නිවේදනයට අනුව විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ඇති අතර විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකෙරේ.

ආයෝජන මණ්ඩලයට යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහා ඊයේ සිට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට හැක.

එයටව්‍යාපෘති වාර්තාවල නිශ්චිතව දක්වා ඇති වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ, ආනයන අපනයන පාලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් ඇමතිවරයාගේ අවසරය ගැනීම වැනි කොන්දේසි ඇතුළත් වේ.