(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි දින දෙක තුළ තවත් ඩීසල් තොගයක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ද ලබන 27 සහ 29 යන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිතයි.
අදාළ නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,000ක තොගයක් පවතින බව අමාත්‍යංශ වාර්තා පවසනවා.
මේ අතර දිවයිනට පැමිණි සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවේ ගොඩබෑම් කටයුතු අද (25) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.








