FAST NEWS

24×7 Around the Globe

වසන්ත ඇතුළු තිදෙනා තංගල්ලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය දින 90 ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් තිදෙනා ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය බාරේ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව වාර්තාවෙයි.

සතියේ දින පහ තුළ සතියට එක් වරක් පෙරවරු 9.00 සිය පස්වරු 5.00 දක්වා කාලය තුළ එම පිරිස බැලීමට ඔවුන්ගේ ළඟම ඥාතීන්ට අවස්ථාව හිමිව තිබේ.