FAST NEWS

24×7 Around the Globe

යළි පෙට්‍රල් පෝලිම් ගැන අවධානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිරවුම්හල් වලට ඉන්ධන ලබාදීම අඩුවෙයි පිරවුම්හල් සඳහා ඉන්ධන ලබාදීම සතිපතා අඩු කරමින් පවතින බැවින් නැවත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පෙට්‍රල් ලබාගැනීම සඳහා එලෙස පෝලිම් නිර්මාණය වන බවයි.

අයි.ඕ.සී. පිරවුම්හල්වලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට හැකියාව තිබියදී සිපෙට්කෝ පිරවුම්හල්වලට පමණක් ඉන්ධන ලබාදීමට අවහිරතාවයක් ඇතිවීම ගැටලු සහගත බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේය.

QR ක්‍රමවේදය හරහා ඉන්ධන නිකුත් කරන ආකාරය පිළිබඳ ඉන්ධනහල් හිමියන්ට තොරතුරු දැනගත හැකි ක්‍රමයක් කඩිනමින් සලසන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එවිට පිරවුම්හල්වලින් සිදුවන අඩුපාඩු මඟහරවා ගැනීමට හැකි බවත් ඔහු කීවේය.