(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් රොසැල්ල දුම්රිය ස්ථානය අසලදි පීලි පැනීමට ලක්ව තිබේ.
මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන වැගනයකි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
අදාළ දුම්රිය මැදිරිය පිලිගත කරන තෙක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රිය දුම්රිය පිලිපැන ඇති ස්ථානය දක්වා ධාවනය කර එම දුම්රියන් දෙකෙන් ගමන් ගන්නා මගින් වෙනත් දුම්රියන් දෙකට මාරු කර යැවිමට පියවර ගන්නා බව දුම්රිය බලධාරීන් සදහන් කරයි.








