FAST NEWS

24×7 Around the Globe

ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරට ලංකාවත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරින් පස්වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව ලෝක බැංකුව පවසයි.

එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.

මේ අතර ලෝකයේ රටවල් අතර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් පහළ බසින තත්ත්වයක් පෙන්නුම් කරන බව ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙක් වන ස්ටීව් හැන්කේ පවසයි.

ස්ටීව් හැන්කේගේ නවතම උද්ධමන දර්ශකයේදී ලංකාව හතර වැනි ස්ථානය දක්වා පහළ බැස තිබේ.

පසුගිය කාලයේදී මෙම දර්ශකයේදි ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවූූ අතර එය දෙවැනි වූුයේ සිම්බාබ්වේට පමණී.