(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ ප්‍රධාන නගර කිහිපයක් විදුලි අර්බුදයකට මුහුණ දී සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එම නිසා විදුලි බලය අරපරිස්සම් කිරීම සඳහා ෂැන්හයි නගරයේ අහස් තලය වර්ණවත් කළ “බැම්ම” ලෙස හැඳින්වූ විදුලි ආලෝක ධාරා සති දෙකක් සඳහා නොදල්වන ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ.
එසේම එරට නිෂ්පාදකයින් බහුල සිචුවාන් පළාත ද විදුලි අර්බුදයකට මුහුණ පා ඇති බව සඳහන් ය.








