FAST NEWS

24×7 Around the Globe

‘යුවාන් වැන්ග් 5’ : අද යළි චීනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද (22) සවස 4.00ට මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ හාබර් මාස්ටර්වරයා සඳහන් කරයි.

ආන්දෝලනාත්මක චීනයේ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට සේන්දු විය.

චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.