(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අම්බලන්ගොඩ, දෙල්දුව ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අදාළ හෝටලයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකුට කිසියම් පිරිසක් එලෙස වෙඩි තබා ඇති බවටයි වාර්තාවේ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. තුවාල ලැබූ අනෙක් තිදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් ඇති බවයි වාර්තාවේ.








