FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ අරමුණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලොව අනෙකුත් රටවල් ජයග්‍රහණ සමග දිනෙන් දින ඉදිරියට යද්දී අපේ රට පසුපසට ගමන් කළේ එක්ව වැඩ නොකළ නිසා බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එම ඓතිහාසික වරද නිවැරදි කර ගනිමින් සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඊයේ(20) ඓතිහාසික අනුරාධපුර පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා අද පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අතර එහිදී මේ බව ප්‍රකාශ කළා.

සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ නායක හිමියෝ රජයේ ඉදිරි වැඩපිළිවෙළට සිය ආශිර්වාදය පළ කර තිබෙනවා.