(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – පුත්තලම ප්රධාන මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (20) සහ අද (21) දිනවල වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්රදේශයේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – පුත්තලම ප්රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනය වයික්කාල දුම්රිය හරස් මාර්ගය අසලින් සීමා කිරීමට සිදුවන බව ය.









