FAST NEWS

24×7 Around the Globe

ලාෆ් ගෑස් මිල තවත් පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය පවසයි.

ලාෆ් ගෑස් මිල පසුගිය සතියේදී රුපියල් 1050 කින් අඩු කළ අතර ,ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදී ද අඩු වනු ඇතැයි ඔහු සඳහන් කළේය .

ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක දැනට මිල රුපියල් 5,800ක් වන අතර ,කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,320 ක් වේ.කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 928 කි.