FAST NEWS

24×7 Around the Globe

ජූලි 10 දක්වා තැපෑල වැඩ කරන ආකාරය ගැන දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ පවතින ඉන්ධන හිඟය හා ප්‍රවාහන අපහසුතා හේතුවෙන් තැපැල් සහ උප තැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

මේ අනුව එළඹෙන ජුලි මස 10වැනිදා දක්වා සෑම සතියකම අඟහරුවාදා, බදාදා, සහ බ‍්‍රහස්පතින්දා දිනවල පමණක් දිවයින පුරා පිහිටි සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට කටයුතු කරනු ලැබේ.

එසේම මහජනතාව වෙත විවිධ ආකාරයේ ගෙවීම් (මහජන ආධාර, වැඩිහිටි දීමනා වැනි) කිරීමට සිදු වීමත්, දේශීය හා ජාත්‍යන්තර තැපෑල මගින් තැපැල් භාණ්ඩ ලැබීමත්, ඒ අනුව එම තැපැල් භාණ්ඩ බෙදා හැරීමට සිදු වීමත් වැනි කරුණු පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.