FAST NEWS

24×7 Around the Globe

ශරීරයට අහිතකර පැළෑටියක් ඉවත් කිරීමේ වැඩසටහනක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශරීරයට අහිතකර පැළෑටියක් වන පාතිනියම් ආක්‍රමණික ශාඛ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා (23) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගනයේදි සහ ඒ ආශ්‍රිත වෙරළ තිරයේ පැවැත්විණි.

සමුද්‍රීය පරිසර අධිකාරියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාඛාව මගින් මෙය සංවිධාන කර තිබුණි.

මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය, ත්‍රිකුණාමලය නගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.