(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම අමාත්‍යංශය සඳහා ආයතන 7ක් ගැසට් කර ඇති අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ අතරට අයත් වේ.
පසුගියදා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දුන්නේය.








