FAST NEWS

24×7 Around the Globe

හෙට සාමාන්‍ය කාලසටහන් යටතේ දුම්රිය සේවා ක්‍රියාත්මකයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (28) සාමාන්‍ය කාලසටහන් යටතේ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 දක්වා ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවන්ට අනුයුක්ත වාහන සඳහා පමණක් ඉන්ධන සපයන බව රජය අද නිවේදනය කළේය.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ අනෙකුත් මෙහෙයුම් ජුලි 10 වනදා දක්වා අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ය.

සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් තිබීම හේතුවෙන් අන්තර් පළාත් ප්‍රවාහන සේවා තාවකාලිකව නවතා දමන බවද ඔහු සඳහන් කළේය.