FAST NEWS

24×7 Around the Globe

ගෑස් යළි බෙදාහරින දිනය ගැන දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මස (ජූලි) 05 වැනිදා හා 12 වැනිදා අතර කාලයේ දී මෙට්‍රික් ටොන් 7000 ක ගෑස් තොගයක් රැගත් නෞකා 2ක් මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ අනුව, නැවතත් ගෑස් බෙදා හැරීම සිදුවන්නේ එම කාලය තුලදී බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව ජූලි මස 10 වැනිදායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් විසිපන්දහසක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම කීවේය.

ඒ අනුව ලබන 05 වැනිදායින් පසු දිවයින පුරා දෛනිකව කිලෝ ග්‍රෑම් 12.05 ගෘහස්ථ ගෑස් සිල්න්ඩර 80,000 බැගින් වෙළෙඳපොළට බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

එබැවින් එතෙක් ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.