FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවට යාමට තැත් කළ 54ක් මාට්ටු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව පාලමින්මඩු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලය පුරා ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණයවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් නාවික හමුදා වැටලීම් ඉහළනැංවීමටයි පියවර ගෙන තිබුණි.

ඉකුත් 01 වැනිදා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ දැරූ 399 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.

ඒ අනුව ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුළු වූ 91 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට ද එරට රජය පසුගියදා පියවර ගනු ලැබීය.