FAST NEWS

24×7 Around the Globe

PMB Rice අද සිට වෙළෙඳපොළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ සහල් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කිරීම අද (27) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනයට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය විසින් පී එම් බී රයිස් යන වෙළෙඳ නාමය යටතේ මෙම සහල් නිකුත් කරනු ඇත.

කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මලු අලෙවි කිරීමට ද පියවර ගෙන ඇත.

වී අලෙවි මණ්ඩලය විසින් තමන් සතු සියලූ වී තොග යොදා ගනිමින් වෙළෙඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල් මෙට්‍රික් ටොන් දසදහස බැගින් සතොස අලෙවි සැල් හරහා මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂිතයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් සඳහන් කරන්නේ, සහල් පිළිබඳව රජයේ පාලන මිලට වඩා යම් තරමක් හෝ අවම මිලක් යටතේ මෙම සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බවයි.