FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) පෙරවරු 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 550ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍ර්ල් ලීටරයක නව මිල රු.470ක් වේ.

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 520කි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 50 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 100කින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු.60 කින් ද සහ ලංකා සුපර් ඩිසල් ලීටරයක් රු. 75කින් ඉහළ දමා ඇත.

මේ අතර සිපෙට්කෝ මිල ගණන්වලට සමානව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිය මිල ගණන් ඉහළ දමා තිබේ.