(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මස 6 වැනිදායින් පසුව ගෑස් සිලින්ඩර එක් ලක්ෂ විසි දහසක් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ දිනකට කිලෝග‍්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80 දහසක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම කුඩා ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩර 40 දහසක් දිනකට වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන්.








