FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරියෙකුට අල්ලසක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ලබාදුන් කාන්තාවක අවිස්සාවේල්ල ඉහළ තල්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් රුපියල් ලක්ෂ 8කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහළ තල්දූව ප්‍රදේශයේදීයි.

මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත ප්‍රශ්න කරමින් සිටියදී සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවෙන් නිදහස් කරන ලෙසට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ දරා තිබෙනවා.

අනතුරුව එම නිලධාරියා තම උසස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනුනා.