FAST NEWS

24×7 Around the Globe

සති අන්තයේ විදුලිය විසන්ධිය ගැන දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද(24) දහවල් 12.00 සිට රාත්‍රි 10.00 දක්වා කාලය තුළ පැය 02යි විනාඩි 30 කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබේ.

එසේම හෙට(25) දිනයේ පෙරවරු 9.30 සිට රාත්‍රි 10.00 අතර කාලය තුළ පැය 02 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

ඉරිදා(26) දිනයේ විදුලිය කප්පාදු කිරීම පැය දෙකකට සීමා කෙරේ. ඒ අනුව පස්වරු 02.00ත් රාත්‍රි 10.00 ත් අතර කාලය තුලදී ඉරිදා දිනයේ විදුලිය කප්පාදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.