FAST NEWS

24×7 Around the Globe

පෙට්‍රල් නැව අද එනවා – ඇමති කංචන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙට්‍රල් නැව අද (24) දිනයේදී මෙරටට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් නිවේදනය කළේය.

මේ නැව ඊයේ (23) පැමිණීමට නියමිතව තිබූ නමුත් පසුව දැනුම් දෙනු ලැබුවේ ඊයේ (23) නොපැමිණි බවයි.

ඒ අනුව අදත් සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් රට පුරා බෙදාහරිනු ලබන බව කියයි. ඔටෝ ඩීසල් පූර්ණ ධාරිතාවෙන් ද සුපර් ඩීසල් සීමිත ප්‍රමාණයක් ද බෙදාහරිනු ලබන බව ඇමැතිවරයා සිය ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.