FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන නැව දිවයිනට පැමිණීම ප්‍රමාද වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 MT සමඟ අද(23) දිවයිනට පැමිණීමට නියමිතව තිබු නෞකාවේ පැමිණීම තවත් දිනයකින් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම අද (23) සහ හෙට (24) දින වලදී දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරීම සීමා සහිතව සිදු කෙරෙන බවත්, ඩීසල් බෙදාහැරීම පූර්ණව සිදු කෙරෙන බවත්, සුපර් ඩීසල් බෙදාහැරීම ද සීමා කර තිබෙන බව ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සදහන් කරයි.