(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකා එක්සත් ජනපදය, මෙරටට තවත් ඩොලර් මිලියන 5.75ක පරිත්‍යාගයක් කිරීමට එකඟවී තිබේ.
ඒ, පසුගිය සතියේ ලබාදීමට එකඟ වූ ඩොලර් මිලියන 6ට අමතරවයි.
අඩු ආදායම්ලාභී ප්‍රජාවට ඍජුවම සැපයීම සඳහා එය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කරයි.
කෙටි කාලීන රැකියා අහිමි වූ සහ අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට මෙන්ම, කෘෂිකර්මාන්තය වෙනුවෙන් මෙම මුදල ලබාදෙනු ඇත.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් මෙම මුදල ප්රදානය කෙරේ.








