FAST NEWS

24×7 Around the Globe

2022 ඡන්ද හිමි නාමලේඛණයේ නම තිබේද බලන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 ඡන්ද හිමි නාමලේඛණයේ තම නම තිබේද යන්න ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසා බලන ලෙසත් එසේ නොතිබුන හොත් www.elections.gov.lk යන වෙබ් අඩවියෙන් පරික්ෂා කර බලන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

යම් පුද්ගලයෙකුගේ නම ඡන්ද නාමලේඛණයට ඇතුලත් නොවේ නම් ජුලි 12 වැනිදාට පෙර 0112 860031 දුරකථන අංකය අමතා ඒ පිළිබඳ විමසන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටි.