(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා චීනයේ නියෝජ්‍ය තානාපති Hu Wei මහතා අතර අද (21) උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවත්වුණි.
ශ්‍රී ලංකාව “එක් චීනයක්” ප්‍රතිපත්තිය පිළිබඳ අග්‍රාමාත්‍ය එහිදී පැහැදිලි කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අගමැතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව සොයා බැලූ චීන නියෝජ්‍ය තානාපතිවරයා, ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත සහතික විය.








