FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු වර්ජන සතියක් කැඳවයි !

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද(21) සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය.

එසේම තවදුරටත් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටී.

‘රට බේරාගැනීමේ සතිය’ ලෙස නම් කර ඇති විරෝධතා සතියක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තමන් සතුව ඇති බවද පැවසූ ඔහු සමගි ජන බලවේගය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සූදානම් බවද පැවසීය.

එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ නව ජනවරමක් කට ගොස් අඛණ්ඩව වසර 5ක රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන බව ඔහු කියා සිටියේය.