(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය අධාර ගැනීමට වන මූලික වටයේ සාකච්ඡා සුබදායී බව අගමැති කාර්යාලය සඳහන් කරයි.
මෙරටට පැමිණ සිටින අන්තර්ජාතිකමූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (20) ආරම්භ විය.
ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය අධාර ගැනීමට වන මූලික වටයේ සාකච්ඡා ඊයේ පැවැත්වුණු අතර එම සාකච්ඡා සුබදායී බව අගමැති කාර්යාලය සඳහන් කරයි.
IMF නියෝජිත පිරිස 10 දෙනකුගෙන් සමන්විත වන අතර දින දහයක කාලයක් ඔවුන් මෙරට රැඳී සිටිමන් සාකච්ඡා වට පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත පිරිස පීටර් බෘෘවර් (ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී, මසහිරෝ නොසාකි ( මෙහෙයුම් ප්‍රධානි), ආචාර්ය ටුබාගුස් ෆෙරිදානුසෙට්යාවාන් (වාසික නියෝජිත) අයි.ඒම්.ඒෆ්. කාර්ය මණ්ඩල නියෝජිතයන් වන සින් ලී, ෆැන්සිස් විටෙක්, ක්ල්ව්ස් පීටර් හෙල්විග්, මැක්සිම් ක්‍රිෂ්කෝ, මාර්ක් ඇඩම්ස් සහ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.
ඊයේ පැවැති සාකච්ඡාවකට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුද ඒක් වූහ








