FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන නිකුත් කිරීමට වාහන ලියාපදිංචි කිරීම ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රථ වාහන, ඉන්ධන පිරවුම්හල් වෙත ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ලියාපදිංචි විය යුතු ස්ථාන වන්නේ,
ත්‍රිරෝද රථ – සිය බල ප්‍රදේශයට අයත් පොලිසියේ ලියාපදිංචි විය යුතුයි.
පෞද්ගලික බස්රථ, සංචාරක බස්රථ, පාසල් වෑන් රථ – සිය ප්‍රදේශයේ ලංගම ඩිපෝ වෙත පැමිණ ලියාපදිංචි විය යුතුයි.

මීට අමතරව වාහනවල අංක තහඩුවේ අවසන් අංකය අනුව සතියේ දින ලබාදෙමින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

එම කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යයන කරමින් සිටින බව එම සංස්ථාව සඳහන් කළා.