FAST NEWS

24×7 Around the Globe

‘ගෝඨා ගෝ ගම’ අරගලකරුවන් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘ගෝඨා ගෝ ගම’ අරගලයේ නිරත අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කර තිබෙන බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක ගෝඨා ගෝ ගම අරගලය අද ක්‍රියාත්මක වන්නේ 73 වන දිනටයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 73 වන ජන්ම දිනය ද අදට යෙදී තිබෙනවා.

අරගලයේ නිරත පිරිස පවසන්නේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වන වන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.