(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යම් පොලිස් නිලධාරියෙක් ඔහුගේ බලය ඉක්මවා කටයුතු කරනවා නම්, ඔහු සිය රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කරනවානම්, සිය නිල ඇඳුම තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අනවශ්‍ය ආකාරයට භාවිත කරනවානම් එවැනි අවස්ථාවන් සම්බන්ධයෙන් එම නිලධාරීන්ට එරෙහිව වින්‍යානුකූලව කටයුතු කරන බව පොලිසිය සදහන් කරයි
ඉන්ධන පිරවුම්හල්වලට පොලිසිය ආරක්ෂාව ලබාදී තිබෙන්නේ දේපළ මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව නිසා බවද එහිදී පොලිස් නිලධාරීන්ට සිය බලය අවභාවිතා කිරීමේ හැකියාවක් නොමැති බව ද පොලිසිය පැවසීය.








