(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) රාත්‍රී 11:00 සිට ඉරිදා (19) සවස 03:00 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන්.
ඒ අනුව, කොළඹ 05 සහ කොළඹ 06 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජලය සපයන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.








