(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්ටේන් 92 පෙට්‍රල් බැරල් ලක්ෂ තුනක් මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42.6ක් වටිනා ණයවර ලිපි මහජන බැංකුව මගින් නිකුත් කර තිබෙන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඉක්මණින් ණයවර ලිපි විවෘත කරගැනීමට හැකිවුවහොත් සති අන්තයේදී වෙළෙඳපොළට පෙට්‍රල් නිකුත් කිරීමට හැකිවන බවය.








