FAST NEWS

24×7 Around the Globe

2023 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2023 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සම්පූර්ණ කරන ලද අදාළ අයදුම් පත්‍රය 2022 ජුලි 16ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙසයි, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ද වැඩිදුර තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකියි.