FAST NEWS

24×7 Around the Globe

චීනයේ ‘සිලෝන් ටී‘ ප්‍රවර්ධන වැඩසටහනක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිලෝන් ටී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි.

පසුගිය 7 වෙනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් ප්‍රධාන පෙලේ චීන තේ සමාගමක් සමග එක්ව මෙම වැඩසටහන සංවිධාන කෙරිණි.

මාධ්‍යවේදීහු, තේ ගැණුම්කරුවෝ, තේ ආනයනකරුවෝ සහ ව්‍යාපාරිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2021 වසරේදී චීනය ආනයනය කරන ලද ශ්‍රී ලංකා තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 15 .2 කි. එහි වටිනාකම ඩොලර් මිලියන 76 ක් පමණ වේ.