(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැළසුම් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ. මෙම ව්‍යාපෘති පිළිබඳව මතු වී ඇති ගැටළු කඩිනමින් නිරාකරණය කර ගැනීමට ද එහිදී තීරණය විය.
දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය කෙරෙහි මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. එවැනි මහා මධ්‍ය හා සුළු පරිමාණ ජල ව්‍යාපෘති 2337 ක් ක්‍රියාත්මක බවත් ඉන් බොහොමයක් සාර්ථක ප්‍රගතියක් අත් කරගෙන ඇති බවත් එහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.
2019 වසරේ සිට මේ දක්වා ලබා දී ඇති නව ජල සම්බන්ධතා සංඛ්‍යාව හාර ලක්ෂ හැට හත් දහස් 808 කි. 2025 වසර වන විට ඉලක්කගත පවුල් ඒකක සංඛ්‍යාව හැට ලක්ෂයකට ආසන්නය.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල සහ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය. ජාතික ජල ප්‍රජා සැපයුම් දෙපාර්තමේන්තු පනත සම්මත කරගැනීම පිළිබඳවද සාකච්ඡා විය.
වාණිජ පරමාර්ථයෙන් ක්‍රියාත්මක මහා පරිමාණ නළ ළිං වලින් පරිසරයට සිදුවන හානිය අවම කරගැනීම නළ ළිංවළ ළිං සහ කෘෂි ළිං පිළිබඳ පූර්ණ සංගණනයක් සිදු කිරීමභූ ගත ජලය ආරක්ෂා කර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමට ද තීරණය විය.








