FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මානව හිමිකම් සම්බන්ධයෙන් පුර්වගාමී කොමිෂන් සභාවල හා කමිටුවල තීරණය ඇගයිම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කර තිබේ.

එම කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරමින් අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 10 වනදා දිනය.

ඒ අනුව ජුනි මස 21 වන දිනෙන් අවසන් වීමට තිබු අදාළ කොමිෂන් සභාවේ කාලය මේ වසරේ සැප්තැම්බර් 21 වන දික්වා දීර්ඝ කර ඇත.

2021 ජනවාරි මස 21 වන දින පිහිටුවනු ලැබු මෙම කොමිෂන් සභාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩි.නවාස්, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන අය පත් කර තිබුණි.