FAST NEWS

24×7 Around the Globe

කටුවාපිටිය දේවස්ථානය අසලින් හමුවූ බෑගයේ අත් බෝම්බයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුවාපිටිය දේවස්ථානය අසල මාර්ගයේ තිබු සැකකටයුතු පාර්සලයක තිබී අත්බෝම්බයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

එම ස්ථානයේ තිබු සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් සිදුකළ දැනුම් දීමක් අනුව ගුවන් හමුදාව විසින් විමර්ශන ආරම්භ කර තිබු අතර පසුව එම ස්ථානයට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කැඳවා තිබුණා.

එහිදී සිදුකළ විමර්ශනයේදී මෙම අත්බෝම්බය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මීට පෙර බොරැල්ල දේවස්ථානයකින්ද අත්බෝම්බයක් සොයාගැනීමට හැකිව තිබිණ.