(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොරොච්චෝල විදුලි බලාගාරයේ කොටසක් හෙට (17) මධ්‍යම රාත්‍රී 12හේ සිට වසා දමන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
එහි සම ලේකම් එරංග කුඩාහේවා කියා සිටියේ දින 75කට බලාගාරය වසා තැබීමට සිදු වන බවයි.
එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ පවතින ගැටළු හේතුවෙන් විදුලිය බිඳවැටීම තවදුරටත් දීර්ඝ විය හැකි බවට ලංකා විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි.
එහිදී සම ලේකම් පෙන්වා දුන්නේ, විදුලි බලාගාර සඳහා අවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මුදල් නැති බවත්, ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ගෙන්වීමට ලබන වසරෙන් පසු විදුලිය නිපදවීමට ඩොලර් මිලියන 640ක් පමණ අවශ්‍ය වන බවත්, ඔවුන් මුදල් සකස් කරන්නේ කෙසේදැයි නොදන්නා නිසා සම්පූර්ණයෙන්ම ඩීසල් බලාගාර මත විශ්වාසය තැබීමට සිදුවන අතර එසේ නොවුවහොත් විදුලිය විසන්ධි කරන කාලය තවත් වැඩි වන බවයි.








