FAST NEWS

24×7 Around the Globe

සිකුරාදා නිවාඩු දිනයේ චක්‍රලේඛය නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.

ඒ අනුව සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනු ලැබුවත් සතියේ වෙනත් දිනයක් රජයේ නිවාඩු දිනයක් වුවහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය දිනයක් ලෙස සලකා කාර්යාල විවෘත කළ යුතු බවද එහි සඳහන් වේ.