FAST NEWS

24×7 Around the Globe

දරුවා කැළණි ගඟට විසිකර මවක් දිවි නසාගන්නට හදයි – දරුවා අතුරුදහන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්තල පොලිස් වසමේ කදිරාන පාලම අසලදී අත්වාරුවකින් පැමිණි කාන්තාවක් සිය කුඩා දරුවා කැළණිගගට විසිකර ඇත.

ඊයේ(15) රාත්‍රියේ අදාළ කාන්තාව සිය දරුවා කැලණිගගට විසිකොට ඇයත් ගගට පැනීමට උත්සාහ දරා තිබෙන බව පොලිසිය සදහන් කරයි.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසින් කාන්තාව වළක්වා ඇති අතර පසුව ඇයව යාබඳ මාර්ග බාධක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් වෙත බාර දී තිබේ.

වයස අවුරුදු 05 ක දරුවකු මෙසේ ගගට විසිකර ඇතැයි පොලිසිය සදහන් කරයි. මෙතෙක් දරුවා සොයා ගැනීමට නොහැකි වී ඇති අතර නාවික හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව පොලිසිය විසින් දරුවා සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතී.

අදාළ සැකකාර කාන්තාව වයස අවුරුදු 42ක තැනැත්තියක්වන අතර වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට අද(16) ඇයව ඉදිරිපත් කිරීමට නියමිතය. වත්තල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.